රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
ජනප්‍රිය තෙළිගු නළු අල්ලු අර්ජුන්ගේ හයිද්‍රාභාත්හි පිහිටා ඇති නිවසට පිරිසක් විසින් ගල්, මුල් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
උස්මානියා විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංවිධානය විසින් මෙම ක්‍රියාවක් සිදු කර ඇති බවයි, ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
පසුගියදා පුෂ්පා 02 චිත්‍රපටිය තිරගත වූ දිනයේ ඇති වූ තෙරපීමකින් කාන්තාවන් ජීවිතක්ෂයට පත් වූ අතර ඇයගේ පුත්‍රයා බරපතළ තුවාල ලබා රෝහල් ගත කෙරුණා.
මෙම සිද්ධියට විරෝධය පළ කරමින් සහ එම පවුලට කෝටියක වන්දියක් ලබා දෙන ලෙසට ඉල්ලා එම සිසුන් විසින් නළු අල්ලු අර්ජුන්ගේ නිවස ඉදිරිපිට මෙලෙස විරෝධතාවක් නිරත වී තිබෙනවා.
ඉන් අනතුරුව ඔවුන් නිවසේ තාප්පය මතට නැග නිවාස අලංකරණය සඳහා තිබූ මල් පෝච්චි විසි කර නිවසට ගල්වලින් පහරදී ඇති බව සඳහන්.


















