BREAKING NEWS
Search

ආරක්ෂිත වැටක් නිසා 7 හැවිරිදි දරුවාට අත් වූ ඉරණම

374

බදුල්ල නගරයේ මධ්‍යම වෙළෙඳ සංකීර්ණයේ දෙවන මහලේ ආරක්ෂිත යකඩ පැති වැටක් කඩා ගෙන සිසුවකු‍ෙ බිමට ඇද වැටීමෙන් බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව බදුල්ල පොලිසිය පවසයි .

මෙසේ දෙවන මහලෙන් අඩි 15 ක පමණ පහලට ඇද වැටී තුවාල ලබා ඇත්තේ බදුල්ල නගරයේ ප්‍රසිද්ධ පාසලක 2 වසරේ ඉගෙනුම ලබන බදුල්ල පස්සර පාර 2 කනුව ප්‍රදේශයේ පදිංචි 7 හැවිරිදි සිසුවකු යැයි පොලිසිය කීය .

මොහු මව සමග උදෑසන බදුල්ල නගරයේ රේස්කෝස් පාර ක්‍රිඩාංගනයේ රගර් ක්‍ර්‍රිඩා පුහුණු වීම් කටයුතු සදහා ගොස් දහවල් සිය මව සමග කිසියම් අවශ්‍යතාවයකට බදුල්ල නගරයේ මධ්‍යම වෙළෙඳ සංකීර්ණයට පැමිණ එහි දෙවන මහලේ සිට ඇති බවත් පොලිසිය සදහන් කළේය .

මෙහිදී සිසුවා දෙවන මහලේ යකඩ වලින් තනා තිබූ ආරක්ෂිත යකඩ වැටට හේත්තු වී.සිටියදී දිරාපත් වී යකඩ වැටකඩාගෙන සිසුවා සමග පහල මාර්ගය ට වැටී ඇතැයි පොලිසිය පැවසීය .




Leave a Reply

Your email address will not be published. Required fields are marked *