BREAKING NEWS
Search

දොර ඇරිලා වැටෙන්න ගියා. සුක්කානමේ එල්ලී එය වලක්වා ගත්තා – තිදෙනෙකුට මරු කැදවූ බස් අනතුරේ රියදුරුට සිදු වූ දේ

1088
හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේදී ඊයේ (21) සිදු වු බස් රථ අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර බස් රියැදුරා ලබන (26) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
තිදෙනකුට මරු කැඳවූ අනතුර සම්බන්ධයෙන් පොලිසිය බස් රථ රියැදුරාගෙන් ප්‍රශ්න කර තිබේ.

එහිදී රියදුරු පවසා ඇත්තේ, බස් රථය තම පාලනයෙන් ගිලිහී ගොස් දොර විවෘත වී තමා බස් රථයෙන් එළියට වැටීමට ගිය බවය.

ඒ අනුව සුක්කානමේ එල්ලී එය වළක්වා ගත් නමුත් පාලනය කර ගැනීමට නොහැකි වූ බස් රථය ප්‍රපාතයට පෙරළුණු බව රියැදුරා පොලීසියට ලබාදුන් ප්‍රකාශයේ සඳහන්ය.

කෙසේ වෙතත්, හැටන් පොලීසිය අනතුරට ලක්වූ බස් රථයේ සවිකර තිබූ CCTV කැමරා පද්ධතියේ දත්ත ගබඩාව පරීක්ෂාවට ලක්කර තිබුණි.

එහිදී අනාවරණ වී ඇත්තේ අනතුරින් ටික වේලාවකට පසු  කිසියම් පුද්ගලයෙකු විසින් සිය ජංගම දුරකථනය හරහා අදාළ සී.සී.ටී.වී. දර්ශන මකා දමා ඇති බවය.

හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහෙස්ත්‍රාත් එස්.රාම්මුර්ති විසින් අද (22) මේ නියෝගය සිදු කළා.

අනතුරෙන් තුවාල ලැබූ රියැදුරු දික්ඔය මුලික රෝහලේ පොලිස් ආරක්ෂාව මැද නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියා.

රෝහල වෙත පැමිණි වැඩ බලන මහෙස්ත්‍රාත්වරයා වෛද්‍යවරුන්ගෙන් සැකකාර රියදුරුගේ තත්ත්වය පිලිබඳව කරුණු විමසා රෝහල තුලම රක්ෂිතයට පත්කිරීමටයි නියෝග කළේ.

ඒ අනූව සැකකරු බන්ධනාගාර නිලධාරින්ගේ ආරක්ෂාව මැද නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ නාවලපිටිය නව තිස්පනේ පදිංචි 46 හැවිරිදි තිදරු පියෙක්.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *