BREAKING NEWS
Search

ට්‍රම්ප්ගේ හාද්ද සමාජ මාධ්‍ය කළඹයි

155

ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් එළැඹෙන 20 වැනිදා දිවුරුම් දීමට නියමිතව තිබියදී ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ බිරිඳ වන සුරූපී මෙලනියා ට්‍රම්ප් සරාගීව සිපගන්නා ඡායාරූපයක් සමාජ මාධ්‍ය කළඹමින් සංසරණය වේ.

මෙලෙස සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ඡායාරූපය ගත් දිනයක් සටහන් නොවන අතර බේස් බෝල් ක්‍රීඩා තරඟයක් අතරතුර ඩොනල්ඩ් ට්‍රම්ප් සිය බිරිඳ වන මෙලනියා ට්‍රම්ප්ව සරාගීව සිපගන්නා අයුරු එහි දැක්වේ. මෙම ඡායාරූපයට ප්‍රශංසා මෙන්ම විවේචනද මිශ්‍රව ලැබී ඇති අතර “මේ තමයි අපේ ජනාධිපති” යැයි පවසමින් ඇතැම් සමාජ මාධ්‍ය පරිශීලකයන් ඩොනල්ඩ් ට්‍රම්ප් වර්ණනා කරද්දී “ඇයට හුස්ම ගැනීමට වත් ඉඩක් දී නැහැ” යැයි පවසමින් ඇතැම් සමාජ මාධ්‍ය පරිශීලකයන් සිප ගැනීම විවේචනයට ලක් කර ඇත.

ජනාධිපති ආර්යාව ලෙස මෙලනියා ට්‍රම්ප් ධවල මන්දිරයට ගියත් ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඇය අතර සම්බන්ධතාවය දුරස් වෙමින් පවතින බවට මාධ්‍ය වාර්තා කරමින් සිටින මොහොතක මෙම ඡායාරූපය සමාජ මාධ්‍ය කළඹමින් සිටින බව ඇතැම් සමාජ මාධ්‍ය පරිශීලකයන් පවසයි. කෙසේ නමුත් ඡායාරූපය ගත් දිනයක් මෙතෙක් තහවුරු කර නොමැති අතර දෙදෙනා සමීප වෙමින් සිටින බව පෙන්වීමට මෙවැනි ඡායාරූපයක් සමාජ මාධ්‍ය වෙත මුදා හැරියා විය හැකි බවද ඇතැම් සමාජ මාධ්‍ය පරිශීලකයන් ප්‍රකාශ කර ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *