බාප්පා එක්ක අනියම් සබදතාවක් පැවැත්වූ දුවට බාප්පා කරපු අපරාධය

842

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

පල්ලෙවෙල පොලිස් වසමේ හාපිටිගම ප්‍රදේශයේ දී තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ කාන්තාවක් රෝහල් ගතකර ප්‍රතිකාර ලබමින් සිටිය දී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 54ක පිළිමතලාව ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

මෙම විවාහක කාන්තාව හාපිටිගම ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිට ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අදාළ කාන්තාව සිය පියාගේ මල්ලී (බාප්පා) සමඟ කුලී පදනම මත හාපිටිගම ප්‍රදේශයේ නිවසක පදිංචිව සිට ඇති අතර, එහිදී ඔහු සමඟ ඇති වූ ආරවුලක දී බාප්පා ඊයේ (20) ඇයට තියුණු ආයුධයකින් පහර දී තිබෙනවා.

එහිදී බරපතළ කැපුම් තුවාල ලබා සිටි එම කාන්තාව මීරිගම රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇති බවයි වාර්තා වුණේ.

ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි එම කාන්තාව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

අපරාධය සිදුකළ සැකකාර 59 හැවිරිදි බාප්පා ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර, ඔහු ඝාතනයට ලක්වූ කාන්තාව සමඟ සමීප ඇසුරක් පවත්වාගෙන ගොස් ඇති බවයි පොලිසියට තොරතුරු අනාවරණය වී ඇත්තේ.

සැකකරු සොයා පල්ලෙවෙල පොලිසිය විමර්ශන අරඹා තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *