තෙල්දෙණිය සිට මහනුවර බලා ධාවනය වූ ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් පාලනය කර ගැනීමට නොහැකිව කඩුගන්නාව ප්රදේශයේදී අඹ ගසක හැපී සිදුවූූ අනතුරකින් 9 දෙනෙකු තුවාල ලබා පේරාදෙණිය රෝහලට ඇතුළත් කර ඇති බව කඩුගන්නාව පොලිසිය පවසයි.
දැනට පොලිසිය සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ බස් රථයේ තිරිංග අක්රිය වීම හේතුවෙන් මෙම අනතුරුව සිදුව ඇතිවය.
කඩුගන්නාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

























