BREAKING NEWS
Search

ඇමෙරිකානු ජාතිකයන්ට ශ්‍රී ලංකාවේ සංචාරය නොකරන ලෙස දැනුම්දෙයි

126

පවතින කොවිඩ්-19 අවදානම් තත්ත්වය හේතුවෙන් ඇමෙරිකානු ජාතිකයන්ට ශ්‍රී ලංකාවේ සංචාරය නොකරන ලෙස එරට රජය දැනුම් දී තිබේ.

එරට ජාතික මහජන සෞඛ්‍ය ඒජන්සිය වන රෝග පාලනය සහ වැළැක්වීම පිළිබඳ මධ්‍යස්ථානය (Centers for Disease Control and Prevention – CDC) සංචාරය සඳහා වන 4 වන මට්ටමේ සෞඛ්‍ය නිවේදනයක් නිකුත් කර ප්‍රකාශ කරන්නේ, ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 වසංගත තත්ත්වය අවදානම් මට්ටමක පවතින බව ය.

තව ද ලංකාවේ සංචාරය කිරීමට පෙර ශ්‍රී ලංකා තානාපති කාර්යාල වෙබ් අඩවියට පිවිස ලංකාවේ නවතම කොවිඩ්-19 තත්ත්වය පිළිබඳව දැනුවත් වන ලෙස ද එරට රජය ජනතාවට දැනුම් දී ඇත.

Mawbima.lk




Leave a Reply

Your email address will not be published. Required fields are marked *