BREAKING NEWS
Search

ජනපති අනුර මෑණියන්ගේ සුවදුක් බලන්න රෝහලට ගිහින්. සෙනහස පිරුණු ඒ අපූරු පිංතුර මෙන්න

785
මැක්සිම් ගෝර්කි කියනවා මේ ලෝකය හැදිලා තියෙන්නේ හිරුගේ කිරණින් සහ අම්මාගේ ස්නේහයෙන් කියලා.
මේ ලෝකයේ මනින්න බැරි එකම ආදරය අම්මාගේ ආදරය කියලා අපි දන්නවා… හුඟාක් අයට එහෙමයි… ඒ කෙනා රටේ මුල් පුරවැසියා වුණත්… ඒ ආදරේ එහෙම්මමයි… මේ කියන්න හදන්නෙත් එහෙම කතාවක්… අපේ රටේ ජනාධිපතිතුමා… එයාගේ ආදරණීය අම්මාව බලන්න ගිහින්…. මේ කියන්න හඳන්නේ ඒ ආදරණීය අම්මයි පුතයි ගැනයි….

ජනාධිපති අනුර දිසානායකගේ මව රෝගී තත්ත්වයක් මත රෝහල් ගත කර ඇති බව වාර්තා වනවා.

තම මෑණියන්ගේ සුව දුක් බැලීම සඳහා ජනාධිපතිවරයා අනුරාධපුර රෝහලට ගොස් තිබෙන පින්තූරයක්  සමාජ ජාල වල මේවන විට හුවමාරු වෙමින් පවතී.

පසුගිය දිනක ද ඇය රෝගී වීම මත අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

කොහොම වුණත් දහසකුත් වැඩ රාජකාරි මැද , මව් සෙනහස පිරි ඒ සුන්දර අම්මාව බලන්න ගියපු ජනපති පුතුව දුටු ඒ මැණියන්ගේ හදවතේ සතුට ඇගේ උවනින් පේනවා… තමන්ගේ ආදරණීය පුතාගේ අතින් අල්ලගෙන ඈ හරිම සෙනහසකින් ඒ වෙලාව ගෙවපු හැටි තමයි ඒ පින්තූරයේ තියෙන්නේ… අපි ඇයට ඉක්මන් සුවය පතමු…

Gallery



Leave a Reply

Your email address will not be published. Required fields are marked *