හැටන්, මල්ලිඅප්පුව ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයින් 03 දෙනෙකු මිය ගොස් 27 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
හැටන් සිට මහනුවර බලා ගමන්ගත් පෞද්ගලික බස් රථයක් අද (21) පෙරවරුවේ තේ වත්තට පෙරළී මෙම අනතුර සිදු වුණා.
අප වාර්තාකරු සඳහන් කළේ අනතුර සිදුවන අවස්ථාවේ අදාළ බස් රථය තුළ මගීන් 20ත් 25ත් අතර ප්‍රමාණයක් සිට ඇති බවයි.
බස් රථයේ ගමන්ගත් සියලු දෙනා තුවාල ලබා දික්ඔය සහ වටවල රෝහල්වලට ඇතුළත් කර තිබෙනවා.























