BREAKING NEWS
Search

ඔන්න සල්ලි වැටිලාලු… ලක්ශ ගණනකගේ බැංකු ගිණුම්වලට, ලැබුණු ප්‍රතිලාභය…

1592
අස්වැසුම ප්‍රතිලාභී පවුල් තුළ ජීවත්වන්නා වූ අවුරුදු 70ට වැඩි වැඩිහිටි පුද්ගලයින්ගේ දෙසැම්බර් මස වැඩිහිටි දීමනාව පෙරේද දින අදාල පවුල් වලට අයත් අස්වැසුම ප්‍රතිලාභය බැංකු ගිණුමට බැර කිරීමට සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව ප්‍රතිලාභ පවුල් 515,897 (පන්ලක්ෂය පහළොස් දහස් අටසිය අනූ හතයි.)ක් සඳහා රුපියල් 1,547,691, 000.00 ( එක් බිලියන පන්සිය හතලිස් හත් මිලියන හයසිය අනූ එක් දහසක) මුදලක් ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට ගිණුම් ගත කර ඇත.
වෙනත් පුවත්

රාජ්‍ය සේවය කප්පාදු කරන්න බලාපොරොත්තුවක් නෑ

රාජ්‍ය සේවය කප්පාදු කිරීමට කිසිසේත් බලාපොරොත්තු නොවන නමුත් රාජ්‍ය සේවය පවත්වා ගෙන යාම සඳහා දරන වැය බර පිළිබඳව ගැටලුවක් තිබෙන බව ජනාධිපති අනුර දිසානායක මහතා පැවසීය.

එක් අධිෂ්ඨානයක සිටිමින් රාජ්‍ය සේවය යම් විධිමත් යාන්ත්‍රණයකට ගෙන ආ යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව කීවේ නාරාහේන්පිට ‘නිල මැදුර’ ගොඩනැගිල්ලේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ  අද (20) දිස්ත්‍රික් ලේකම්/දිසාපති සමුළුව අමතමිනි.

ආණ්ඩුවේ ඒජන්තවරයාගේ සිට දිස්ත්‍රික් ලේකම් දක්වා තනතුරු නාම වෙනස් වූ  සේවය වසර 200ක් පමණ පැරැණි වන අතර රට නව දිශානතියකට යොමු කිරීම සඳහා එමඟින් විශාල කාර්යභාරයක් ඉටු කර ඇති බව ජනාධිපතිවරයා  සඳහන් කළේය.

එහෙත් අවසාන අරමුණ හා ඉලක්කය වල වත්මන් තත්ත්වය ගැන සෑහීමකට පත් විය නොහැකි බව ද ජනාධිපතිවරයා කීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *