තම දරුවාට නම් තැබීම සම්බන්ධයෙන් ඇතිවූ විරසකය මත ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ යුවළක් දික්කසාද වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරනවා.
ඒ තම පුතාගේ නම සම්බන්ධයෙන් වසර තුනක ගැටුමකින් පසුවයි.
බිරිඳ දැමූ නමට අකමැති සැමියා ඇයව සහ දරුවාව ප්‍රතික්ෂේප කර ඇති අතර වසර තුනක්ම ගෙවී යාමෙන් අනතුරුව බිරිඳ වන්දි ඉල්ලා සැමියාට විරුද්ධව නඩුවක් පවරා තිබෙනවා.
කෙසේ වෙතත් අධිකරණය ඉදිරිපත්වූ කරුණු සලකා බලා යුවලගේ දරුවාට නමක් යෝජනා කර ඇති බව සඳහන්.
අධිකරණය යෝජනා කළ නමට දෙදෙනාම කැමති වීමෙන් අනතුරුව දරුවාට එම නම තබා, අධිකරණ භූමියෙම මල් මාල පලන්දවා දික්කසාද වීමට ගත් තීරණය පසෙකලා ඔවුන් දෙදෙනා නැවතත් එක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.


















