BREAKING NEWS
Search

දේව්දාස් හා පාරෝ මතක පාසල් වේදිකාවට ගෙනා පොඩ්ඩෝ දෙන්නා

258
ධීරුබායි අම්බානි ජාත්‍යන්තර පාසලේ විවිධ ප්‍රසංගය ගැන මේ වෙද්දී බොහෝ දෙනා කතා වෙනවා.. ඒ ශාරුක්ගේ පුතා වගේම ඓශ්වර්යාගේ දියණිය කළ අපූරු රංගනය නිසායි..

කොහොම වුණත්, පසුගිය කාලයේ බොහෝ කටකතාවලට ලක්ව සිටි යුවලක් තමයි ඓශ්වර්යා සහ අභිෂේක් බච්චන් කියන්නේ..

ඒ සියල්ල කටකතා පමණක්ම කරමින් ඓශ්වර්යා සහ අභිෂේක්  පසුගියදා පැවැති විවාහ මංගල උත්සවයකට ද සහභාගිවී ඇති අයුරු ඉන්දීය මාධ්‍ය වාර්තා කළා..  නැවතත් ඔවුන් ගැන මේ කතාව ඊයේ දිනයේදි පැවති ඔවුන්ගේ දියණිය වන ආරාධ්‍යා බච්චන් ගේ  පාසලේ වාර්ෂික විවිධප්‍රසංගය සමඟයි..

මෙම වාර්ෂික උත්සවය පැවැත්වුයේ ධීරුබායි අම්බානි ජාත්‍යන්තර පාසලේ 2024 වර්ෂයට සමගාමීවයි.. මෙයට ඓශ්වර්යා රායි , අභිෂේක් බච්චන් සහ අමිතාබ් බච්චන් ද සහභාගි වී තිබූ අතර ශාරුක් ඛාන්ගේ බාල පුත් එබ්‍රාහම් අයිශ්වර්යා ගේ දියණිය ආරාධ්‍යා සමඟ අපූරු නිර්මාණයක් ද ඉදිරිපත් කර තිබුණ අතර මෙය කාගේත් කතාබහට ලක්ව තිබුණා..

බොහෝ දෙනා ඔවුන් දෙදෙනාව හදුන්වා දි තිබුණේ අනාගතයේදී දේව්දාස් හා පාරෝ ලෙසයි.. මෙම උත්සවයට ශාරුක් ඛාන් ගෞරි ඛාන් , සුහානා ඛාන් ද එක්ව තිබුණා..


Make a Comment



Leave a Reply

Your email address will not be published. Required fields are marked *