BREAKING NEWS
Search

හෝටලයේ ගැටුම ගමක්ම දෙවනත් කරයි.වෙඩිත් පත්තුවෙයි

1354

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

පොලීසිය පවසන්නේ, කළුතර සංචාරක හෝටලයක වෙඩි තැබීමක් සිදුව ඇති බවයි. කළුතර දකුණ පොලීසිය පැවසුවේ එම හෝටලයේ ආරක්ෂක නිලධාරීන් සහ පිටස්තර තරුණයින් පිරිසක් අතර ඇති වීමට ගිය ගැටුමක් පාලනය කිරීම සඳහා හෝටලයේ සිටි නිලධාරියෙකු අසහට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බවය.

පොලිසිය පවසන්නේ, සංචාරක හෝටලය ඉදිරිපිට මුහුදු වෙරළේ තරුණයින් පිරිසක් මත්පැන් පානය කරමින් සිට ඇති අතර, හෝටලයේ ආරක්ෂක නිලධාරීන් සමග ඔවුන් ගැටුමක් ඇතිකර ගැනීමට උත්සාහ කර තිබෙන බවට තොරතුරු ලැබී ඇති බවයි.

එහිදී එක් ආරක්ෂක නිලධාරියෙකුට පහරදීමක් සිදුව ඇති අතර, එය පාලනය කිරීම සඳහා ස්ථානයේ රැඳී සිටි හෝටලයේ ඉහල කළමනාකාරීත්වයේ නිලධාරියෙකු සිය ලියාපදිංචි අවසර ලත් ගිනි අවියෙන් අහසට වෙඩි තබා ඇති බවට සිදුකළ මූලික පරීක්ෂණවලදී හෙළිව ඇති බවද පොලිසිය පැවසීය.

වෙඩි ප්‍රහාරයෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර තරුණ පිරිස පළා ගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *