BREAKING NEWS
Search

විත්තිකරු වෛද්‍යවරයකු වෙත යොමු කරන්න – මහෙස්ත්‍රාත් එහෙම ඕනෑ නෑ..මම බීලා තමා ඉන්නේ – විත්තිකරු

462

ස්ත්‍රී දූෂණ චෝදනාවක විත්තිකරුවකු වු අයකු අධික ලෙස බීමත්ව විත්තියේ සාක්ෂි දෙමින් සිටියදී ගම්පොළ පොලිස් අධිකාරි (1) කමල් ආරියවංශ මහතා ඒ බව ගම්පොළ මහෙස්ත්‍රාත් කාංචනා කොඩිතුවක්කු මහත්මියට දැන්වීමෙන් පසු අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත ඔහුට මාස දෙකක සිර දඬුවම් නියම කෙරුණි.

මෙසේ දඬුවම් ලැබුණේ ගම්පල බෝතලාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ චමිල කුමාර හෙවත් හපයා නමැති 45 හැවිරිදි අයෙකි.

ස්ත්‍රී දූෂණයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ ඔහු ගම්පොළ අධිකරණයේ විභාග වන නඩුවකට පෙනී සිටියේය.

මෙහි මූලික නඩු විභාග කටයුතු ගම්පොල අපරාධ අංශයේ උප පොලිස් පරීක්ෂක සරත් දසනායක මහතා විසින් මෙහෙය වූ අතර විත්තියේ සාක්ෂි මෙහෙයවීම සඳහා පොලිස් අධිකාරි කමල් ආරියවංශ මහතා පැමිණ සිටියේය.

විත්ති කූඩුව වෙත නැගී සාක්ෂිකරු නොනවත්වා දිගින් දිගටම නොගැළපෙන කරුණු දැක්වීම හා මත්පැන් ගඳ වහනය වීම සමග පොලිස් අධිකාරිවරයා ඒ පිළිබඳ නිරීක්ෂණයේ සිට විත්තිකරුගේ බීමත්කම අධිකරණය වෙත දැන්වීය. එහිදී මහෙස්ත්‍රාත්වරිය විත්තිකරු වෛද්‍යවරයකු වෙත යොමු කරන ලෙස දැන්වීමත් සමග විත්තිකරු පවසා සිටියේ එසේ කිරීම අනවශ්‍ය බවත් තමා අධික ලෙස බීමත්ව සිටින බවත්ය. ඒ අනුව උසාවි භාර නිලධාරී පොලිස් සැරයන් (32526) විජයතුංග මහතා මගින් නඩුවක් ගොනුකර විත්තිකරුට මෙසේ මාස දෙකක සිර දඬුවම් නියම කරනු ලැබීය.

ගම්පොළ -සුරංග දිල්හාන්




Leave a Reply

Your email address will not be published. Required fields are marked *