BREAKING NEWS
Search

මාළු කූරියෙක් සොරකම් කළ පූසා පොලිස් අත්අඩංගුවට

167

මාළු කූරියකු සොරකම් කරනු ලැබූ පූස් තඩියකු තායිලන්ත පොලිසිය විසින් අත් අඩංගුවට ගත් අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ විශාල වශයෙන් සංසරණය වන බව ඕස්ට්‍රේලියාවේ සෙවන් නිවුස් පුවත් සේවය වාර්තා කළේය.

ගාල් කර තිබූ යතුරු පැදියක එල්ලා තිබූ බෑගයක් ඉරා පූස් තඩියා මාළු කූරියා සොරා ගන්නා අයුරු ඉදිරියේ තිබූ සී.සී.ටීවී කැමරාවක සටහන් වී ඇති බවත් වහාම ක්‍රියාත්මක වූ තායිලන්ත පොලිසිය පසුව පූස් තඩියා අත් අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට රැගෙන ගොස් ඇති බවත් සෙවන් නිවුස් පුවත් සේවය සඳහන් කළේය.

පූස් තඩියා පොලිසියට රැගෙන යන අවස්ථාවේ කටේ මාළු කූරියා නොසිටි බවත් මාළුවකු සොරකම් කළ පුසකු පොලිසියට රැගෙන යාම පොලිස් සේවයට කළ නිගාවක් බවත් සෙවන් නිවුස් පුවත් සේවය පැවැසුවේය. මෙම සොරකම පසුගිය ඔක්තෝබර් 14 වැනිදා සිදුව ඇති බවද එම පුවත් සේවය ප්‍රකාශ කළේය.

එම වීඩියෝව සෙවන් නිවුස් පුවත් සේවය ඔවුන්ගේ ටික්ටොක් ගිණුමටද පෙරේදා(18) උඩුගත කර තිබූ අතර දිනක් තුළ එම වීඩියෝව මිලියනයකට ආසන්න සංඛ්‍යාවක් නරඹා තිබිණි. මෙම වීඩියෝව ඔක්තෝබර් මස අවසන් සතියේ සිට විවිධ සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන බවත් එහි නැරඹුම් වාර ගණන මේ වනවිට ලක්ෂ 100 පසුකර ඇති බවත් පැවැසෙයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *