BREAKING NEWS
Search

සිසුවෙකු රවටා ලක්ෂ 30ක් කඩාගෙන

192

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ජංගම දුරකථනයක් මිලදීගෙන දෙන මුවාවෙන් 14 හැවිරිදි පාසල් සිසුවෙකු රවටා ලක්ෂ 30කට අධික මුදලක් වංචා කිරීමේ සිදුවීමකට අදාලව පුද්ගලයින් දෙදෙනෙකුව පයාගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී පයාගල, ඈතගම සහ මග්ගොන පදිංචි 18 හැවිරිදි සහ 21 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකුව අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

පියා සහ වැඩිමල් සොහොයුරියන් දෙදෙනා සමග පයාගල ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම පාසල් සිසුවාට පියා විසින් ලබා දුන් ජංගම දුරකථනය අස්ථානගත වීම හේතුවෙන් ඔහු අසල්වැසි නිවෙසේ පදිංචි සම වයසේ මිතුරකුගේ වැඩිමහල් සොහොයුරාගෙන් ජංගම දුරකතනයක් ඉල්ලා තිබෙනවා.

එහිදී ඒ සඳහා මුදල් හෝ රන් භාණ්ඩ කිහිපයක් ලබා දෙන ලෙසයි ඔහු මෙම සිසුවාට පවසා ඇත්තේ.

ඒ අනුව එම සිසුවා අල්මාරියේ තිබූ රුපියල් ලක්ෂ තිහකට ආසන්න වටිනාකමකින් යුත් රන් මාල, මුදු, කරාබු, වළලු සහ අත් පලඳනා අවස්ථා තුනකදී සැකකරුට ගෙනැවිත් දී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එම මුදලින් ප්‍රධාන සැකකරු අතරමැදියන් දෙදෙනකු මාර්ගයෙන් අවස්ථා තුනකදී ඒවා අලෙවි කර සහ උකස් කර රුපියල් ලක්ෂ 17කට ආසන්න මුදලක් ලබාගෙන ජංගම දුරකතනයක් ද සිසුවාට ලබා දී, අනෙකුත් මුදලින් කුලී පදනම මත මෝටර් රථ ලබාගෙන රට වටා විනෝද චාරිකා ගොස් සුඛෝපභෝගී දිවියක් ගත කර ඇති බවත්, ජංගම දුරකතන, ඩ්‍රෝන කැමරා, වටිනා සුවඳ විලවුන්, ඇඳුම් පැලඳුම් මිලදීගෙන තිබෙනවා.

අනතුරුව රන් භාණ්ඩ හිමි නිවැසියන්ගේ පැමිණිල්ල මත සැකකරුවන් අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව විකුණා සහ උකස් කර තිබූ රන් භාණ්ඩ සොයාගත් බවත්, සැකකරුවන් දෙදෙනා කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය සඳහන් කළා




Leave a Reply

Your email address will not be published. Required fields are marked *