BREAKING NEWS
Search

ලේලියගේ තොල් රත්පැහැ ගැන්වීම ඉවසාගත නොහැකිව නැන්දම්මෙක් කල අමුතු වැඩේ

731

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

සිය පුතණ්ඩියා විදෙස් රටක දුක් විද එවන මුදලින් ලේලිය හැඩ වැඩ වෙන එක මේ නැන්දම්මාට දිරෙව්වේ නැත.

විශේෂයෙන් ලේලිය දෙතොල් රතු කරන එක ඇයට දැහෙට පෙන්නන්න බැරි එකක් විය.

එළිපිටම එයට විරුද්ධ වන්නට ඇයට ශක්තියක් නොවීය. ඒ පුතා තමාගේ වුවත් දැන් ඇය නඩත්තු වන්නේ ලේලියගෙන් වීම නිසාය.

ළඟ වෙලාවේ නිවසින් එළියට යාමට සිදුවුවහොත් එයින් තමාට වන අනර්ථයේ දිග පළල මනසින් අවබෝධ වීමත් මෙයට හේතුවක් නොවුනාම නොවේ.

ලේලියත් එක්ක කෙහෙවලු පටල ගත්තොත් පුතණ්ඩියත් ලේලියගේ පැත්ත ගන්න බව දන්නා මේ නැන්දම්මා ලේලියගේ මොනවරද තිබුණත් ඉවසනු විනා ඊට වෙනත් විකල්පයක් නොවීය.

ලේලියගේ දෙතොල් රතු පාටව තිබෙනු දකින සෑම අවස්ථාවකදීම සිය ලේලිය මේ නැන්දම්මාට පෙනුනේ අමු මස් මාංශ අනුභව කළ යකින්නක් මෙනි.

මෙය වහෙන්ඔරෝ භාෂාවෙන් ඇයට කීවද ලේලිය එය තුට්ටුවකට මායිම් නොකළාය. මුවින් නොබැන්නත් මේ සිද්ධිය හමුවේ නැන්දම්මා සිටියේ නැතිකර නොගත් කේන්තියකිනි.

එදාත් ගමනක් යන්න ලක ලැහැස්තිවුණු ලේලිය දෙතොල් රතු පාට කරන ටියුබය ඇර කැඩපත ඉදිරියේ දෙතොල්වල උලා ගත්තාය.

ගතවූයේ ටික වේලාවකි. බුදු අම්මෝ ඉන්න බැරියෝ යයි දෙතොල් අල්ලාගෙන ඇය කෑ ගසමින් මුලුතැන් ගෙයි සවිකර තිබූ ජල කරාමය කරා දිව ගියේ වේදනාවෙන් පුපුරු ගසන දෙතොල් සෝදා දැමීමටය.

ලේලිය දෙතොල් අල්ලා කෑගසන අයුරු කාමරයේ දොර රෙද්දක් අස්සෙන් බලා සිටියත් මේ නැන්දම්මා එළියටනම් නොආවාය.

ඒ ලේලියගේ දෙතොල් රතු කිරීමට එරෙහිව තමා ලේලිය දෙතොල් රතු කරන  ටියුබයට  මිරිස් කුඩු තැවරුවේ තමා යයි සිය මුහුණෙන් පිළිඹිබු වේ යයි ඇති වූ සාධාරණ සැකය නිසාලු.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *