BREAKING NEWS
Search

කල්ලි ගැටුමකින් බටු මීයා ඇතුළු හතරකට තුවාල

172

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ගාල්ල බන්ධනාගාරය තුළදී අද (19) උදෑසන බන්ධනාගරයේ රඳවා සිටින අපරාධ කල්ලි දෙකක සාමාජිකයින් අතර හටගත් ගැටුමකදී තියුණු ආයුධවලින් පහරදීම හේතුවෙන් සිව්දෙනෙකු තුවාල තබා ඇති බව වාර්තා වෙයි.

අනුර පුෂ්පකුමාර හෙවත් “බටු මීයා” නමැති අපරාධකරුගේ පාර්ශ්වය සහ කරන්දෙණිය සුද්දා නමැති අපරාධකරුගේ පාර්ශ්වය අතර ගැටුම හටගෙන ඇති බවයි, බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේ.

එහිදී “බටු මීයා” නමැති රැඳවියා සහ ඔහුගේ සමීපතමයන් තිදෙනෙකු තුවාල ලබා තිබේ. “බටු මීයා” සහ ඔහුගේ සගයින් තිදෙනා බන්ධනාගාරගත කෙරුණේ මීටියාගොඩ බෙලිමුල්ල ප්‍රදේශයේ නිවසක සිටි පියෙකුට සහ දියණියකට වෙඩිතැබීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

කරන්දෙණිය සුද්දාගේ පාර්ශ්වය විසින් තමන්ව ඝාතනය කිරීමට සූදානම්ව සිටි බවත්, ඊට ආධාර අනුබලදුන් පුද්ගලයෙකු ඉළක්ක කර වෙඩිතැබීම සිදුකළ බවටයි,එහිදී ඔහු පොලීසියට පවසා තිබුණේ.

ඒ අනුව ගාල්ල බන්ධනාගාරයට යැවුණු ඔවුන් රඳවා සිටි වාට්ටුවෙහි කරන්දෙණිය සුද්දාගේ පර්ශ්වයට අයත් සැකකරුවන් පිරිසක්ද සිට තිබුණි.

අද උදෑසන කරන්දෙණිය සුද්දාගේ පාර්ශ්වය විසින් “බටු මීයා” සහ ඔහුගේ සගයින්ට තියුණු ආයුධවලින් පහරදී තුවාල සිදුකර ඇති බව සඳහන් ය. අනතුරුව බන්ධනාගාර නිලධාරීන් මැදිහත්වී තත්ත්වය පාලනය කර “බටු මීයා” ඇතුලු පිරිස බූස්ස බන්ධනාගාරයට මාරුකර යවා ඇති බව බන්ධනාගාර ආරංචිමාර්ග පැවසීය




Leave a Reply

Your email address will not be published. Required fields are marked *