BREAKING NEWS
Search

ඇත්තටම මොකද්ද මේ වුණේ..? සමාජ මාධ්‍ය කැළඹූ වීඩියෝව ගැන අද ඇසෙන කතාව මෙන්න..

3786

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

සත්ත්ව හිංසනයට අපි කවුරු වුණත් කැමති නැහැ.. මේ කියන්න යන්නේ අන්න ඒ වගේ තවත් විශේෂ වූ කතාවක් ගැනයි..
මේ සිද්ධිය සමබන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වුණා.. ඒ ගැන ඇත්තටම අද ඇසෙන්නේ මේ වගේ කතාවක්..

සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ, ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් සුනඛයෙකු හට පොල්ලකින් පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවට අදාළව සැකකරුවන් දෙදෙනෙකු අක්මීමන පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා..

ඒ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සුනඛයාගේ හිමිකාරිය විසින් ඊයේ (18) දිනයේ දී අක්මීමන පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් පසුවයි..

එහි දී පැමිණිලිකාරිය සඳහන් කර තිබුණේ ඉකුත් 11 වැනි දා ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් තම සුනඛයාට පහර දුන් බවත් ඒ හේතුවෙන් සුනඛයා මියගොස් ඇති බවයි..

ඒ අනුව විමර්ශන ආරම්භ කළ අක්මීමන පොලිසිය විසින් වීඩියෝවෙහි සිටි සුනඛයාට පහරදුන් සැකකරුවන් දෙදෙනා ත්‍රීරෝද රථය ද සමග ෛඉයේ අත්අඩංගුවට ගනු ලැබුවා..

සැකකරුවන් වයස අවුරුදු 34 ක් සහ 37ක් වූ බටදූව ප්‍රදේශයේ පදිංචිකරුවන්..

මෙය 1907 අංක 13 දරන සත්ත්ව හිංසාව වැළැක්වීමේ ආඥා පනතේ දෙවැනි වගන්තිය යටතේ යම් තැනැත්තකු යම් සතකුට කෲර ලෙස පහරදීම, හිංසා කිරීම, නොසලකා හැරීම, වාහනයක, කූඩයක රැගෙන යෑම, වේදනාවට පත්කිරීම ආදී ක්‍රියා මඟින් සත්ත්ව හිංසනය කිරීම යටතේ ගැනෙන වරදක්..

ඒ අනුව මෙම සැකකරුවන් අද (19) දින ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *