කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු රාත්‍රි තැපැල් දුම්රියෙන් (19) දින ගමන් කරමින් සිටි එක්දරු පියෙක් දුම්රියෙන් ඇද වැටි ජිවිතක්ෂයට පත් වි ඇති බව දිඹුල පතන පොලිසිය පවසනවා.
මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ කොටගල ගංගායිපුරම් ප්‍රදේශයේ පදිංචිව සිටි වෙල්ලසාමි ජයකුමාර් නැමති 40 හැවිරිදි එක්දරු පියෙක්.
රාත්‍රි තැපැල් දුම්රිය (19) දින අලුයම 4ට පමණ කොටගල දුම්රිය ස්ථානය වෙත ළගා වි ඇති අතර, දුම්රිය යලිත් බදුල්ල දක්වා ධාවනය කල අවස්තාවේ කොටගල දක්වා දුම්රියෙන් පැමිණි ජිවිතක්ෂයට පත් පුද්ගලයාට කොටගල දුම්රිය ස්ථානයෙන් බැසිමට නොහැකි වු නිසා ඔහු දුම්රියෙන් බැසිමට උත්සහ කිරිමේදි දුම්රියෙන් ඇද වැටි ජිවිතක්ෂයට පත් වන්නට ඇති බවයි අනතුර සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන දිඹුල පතන පොලිසිය සැකකරන්නේ.
නානුඔය සිට කොළඹ දක්වා අලුයම ධාවනය වු දුම්රියේ රියදුරු විසින් කොටගල සහ තලවකැලේ දුම්රිය ස්ථාන දෙක අතර දුම්රිය මාර්ගය අසල මල සිරුරක් ඇති බවට දැක පසුව එම දුම්රියෙන් සිරුර කොටගල දුම්රිය ස්ථානය දක්වා රැගෙනවිත් භාර දි තිබෙනවා.
මිය ගිය එක්දරු පියා සතුව කොළඹ කොටුව සිට කොටගල දක්වා ගමන් කිරිමට දුම්රිය ප්‍රවේශපත්‍රයක් තිබි හමුව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් දිඹුල පතන පොලිසිය පරික්ෂණ පවත්වනු ලබනවා.



















