BREAKING NEWS
Search

ඔස්ට්‍රේලියාවේදී දරුවන් ඉදිරිපිට බිරිදට අහස පොලොව නුහුලන අපරාධයක් කල ශ්‍රී ලාංකිකයාට අත් ඉරණමවූ

671

ඔස්ට්‍රේලියාවේදී සිය දරුවන් ඉදිරියේදී බිරිඳට පොරොවකින් පහරදී ඝාතනය කිරීමේ චෝදනාවට වැරදිකරු වූ ශ්‍රී ලාංකිකයෙක් ට වසර 37ක සිරදඬුවම් නියම කිරීමට එරට අධිකරණයක් තීන්දුකර තිබේ.

එසේ සිරදඬුවම් නියම කෙරුණේ දිනුෂ් කුරේරා නම් 47 හැවිරිදි පුද්ගලයෙක් ටය.

එම කුරිරු ඝාතනය පිළිබඳ තොරතුරු ඊයේ වික්ටෝරියා ප්‍රාන්ත ශ්‍රේෂ්ඨාධිකරණයේදී විස්තර කර තිබුණි.

විනිසුරු අමන්ඩා ෆොක්ස් පැවසුවේ කුරේරා ට සමාව දීමක් සම්බන්ධයෙන් සලකා බැලිය හැක්කේ වසර 30කට පසුව බවයි.

මීට වසර 2කට පමණ පෙර කුරේරා විසින් පොරොවකින් පහරදී සිය බිරිඳ වන නෙලෝමී පෙරේරා ව ඝාතනය කර තිබුණි.

එවකට ඇය 43 හැවිරිදි වියේ පසුවිය.

සිය සැමියාගෙන් වෙන්වීම සඳහා ඇය සූදානමින් සිටි බව ද අධිකරණයේදී හෙළිවිය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *