පලතුරු ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් කොළඹ මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගයේ 39 වැනි කිලෝමීටර් කණුව ආසන්නයේ දී අද සවස පෙරළී අනතුරට පත්ව ඇතැයි මීරිගම අධිවේගී මාර්ග පොලිසිය සඳහන් කරයි.
කුරුණෑගල සිට මීරීගම දෙසට ගමන් කරමින් තිබූ ලොරි රථයකි. මෙම කුඩා ලොරි රථය මාර්ගයේ පෙරලීයෑමෙන් මාර්ගය පුරා පලතුරු විසිරි තිබූ බවත් එහි ගමන් ගත් අයට අනතුරක්ව නැති බවද පොලිසිය සඳහන් කරයි .
වෙනත් පුවත්
සජිත් සහතික භාරදෙයි
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අධ්‍යාපන සුදුසුකම්වලට අදාළ සහතික සහ අනෙකුත් ලේඛන අද (19) පෙරවරු 11.40 ට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින්ම පාර්ලිමේන්තුවේ හැන්සාඩ් දෙපාර්තමේන්තුවට භාර දෙනු ලැබීය.
විපක්ෂ නායකවරයාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ ව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේ සිදු කළ විමසුමට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඊයේ (18) එතුමාගේ සියලු අධ්‍යාපන සුදුසුකම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
එම අධ්‍යාපන වාර්ථා සහ සහතික පාර්ලිමේන්තුවට භාර දී නොමැති බවට ආණ්ඩුව චෝදනා කළ අතර එම සහතික විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින්ම ඊයේ පෙරවරුවේ පාර්ලිමේන්තුවට භාර දෙනු ලැබීය.



















