BREAKING NEWS
Search

පියුමාලිට තියෙන ලොකුම අපලේ

186

පියුමාලි එදිරිසිංහ…. ආලින්දයේ සිනමාවේ නිතර අසුන්ගන්න හැමෝම වාගේ දැන් නම් එයාව හොඳින් දන්නවා. නොදන්න කෙනෙක් නැති තරමයි. මේ රසවත් ගොසිප් අහුර එයා ගැන තමයි.

රූප සුන්දරියක් විදියට ඔටුන්න දාලා කලා කෙතේ දොරට වැඩිය පියුමාලි එදිරිසිංහගේ සම්පූර්ණ නම ‘පියුමාලි ප්‍රසාදිනී එදිරිසිංහ’. පියුමාලි විශාකාවියක්. රඟපාන්න ආරාධනා ලැබුණේ ඉගෙනගන්න දවස්වලමලු. හැබැයි අධ්‍යාපනය නිසා ඒ චාන්ස් අතහැරියලු. රූප සුන්දරියක් නොවුණා නම් පියුමාලි නිළියක් වෙන එකකුත් නැහැ කියලයි කියන්නේ. ඈ පෙනී සිටිය වෙළෙඳ දැන්වීම් ගණන 20කට ආසන්නයිලු. ඒ අතර මියුසික් වීඩියෝවලට ආරාධනා ඇවිදින්. නදීමාල් පෙරේරාගේ ‘හැඩකාරී’ මියුසික් වීඩියෝව හිතුවට වඩා ජනප්‍රිය වෙනකොට ඇයට තව තව මියුසික් වීඩියෝවලට ආරාධනා එන්න ගත්තලු. ඒත් ඈ රංගනයෙදි ගිවිසුම් ගහන්නේ තෝරලා බේරලා සහ සීමාසහිතවලු.

ප්‍රවීණ නිර්මාණකරු ශිවගුරුනාදන්ගේ ‘පාට කුරුල්ලෝ’ ටෙලියේ පියුමාලි එක රැයෙන් දෙකෙන් හිට් වෙනකොට ශිවා ඔහුගේ ‘ආලවන්ති’ කතාවටත් එයාව සම්බන්ධ කරගත්තලු. ආලවන්ති නිසා දැන් මේ ලස්සන නිළි තාරකාව හරි ජනප්‍රිය වෙලා කියන එක සෝෂල් මීඩියාවල එක තත්පරයකට සැරිසැරුවත් ඔප්පු වෙනවා.

‘පියුමාලි හරි ලකී නේද?’

හුඟක් දෙනා එයාගෙන් එහෙම අහනවලු. එයා ගැන එහෙම කතාවෙනවලු. පියුමාලි ඒ ලක් එක ගැන මෙහෙම කතාවක් කියනවලු.
‘මොන ලකීද අනේ. මට තියෙනවා ලොකු වාහන අපලයක්. කොහේ හරි යන්න නැග්ගම ඒකේ මොකක් හරි ලෙඩක්. හැමදාම වාගේ ගමන බ්‍රේක්ඩවුන්. ඉතින් කොහොමද මම ලකී කියන්නේ?’

මොනවා කිව්වත් එයා නම් ඇත්තටම හරිම ලකී ඇක්ට්‍රස් කෙනෙක්. ‘ආලවන්ති’ ටෙලියෙන් පස්සේ ඇයට තව තව ටෙලිවලට ඇඩ්වලට දඩිබිඩියේ කෝල්ස් එනවලු. කිරිබත්ගොඩ මාකොල පාරේ මෙයා නිමි ඇඳුම් ෂොප් එකකුත් ඕපන් කරලලු තියෙන්නේ කියලා සෝෂල් මීඩියාවල තිබුණලු. බිස්නස් එකත් නැගලා යනවා කියලයි ආරංචිය.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු




Leave a Reply

Your email address will not be published. Required fields are marked *