BREAKING NEWS
Search

සිගිති දියණියගේ හැඩුම නවත්තන්න නරුම පියෙකු කල අපරාදය

2173

බිරිඳ සමඟ ඇතිකරගත් බහින්බස් වීමක් හේතුකර ගෙන සැමියෙක් තම මාස 06ක් වයසැති දියණිය හයවන මහලේ මහල් නිවාසයේ ජනේලයෙන් එළියට විසිකළ පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.

ඒ චීනයෙන්.

ෂාඕ යන නමින් හඳුන්වන පියා තම හයවන මහලේ මහල් නිවාසයේ ජනේලයෙන් එළියට තම දියණිය විසි කරන විට මත්පැන් පානය කර සිටි ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

දැරිය වහාම රෝහලකට රැගෙන යමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇති අතර බටහිර චීනයේ ෂින්ජියැං උයිගුර් ස්වයං පාලන කලාපයේ අධිකරණයක් විසින් කුඩා දැරියගේ පියා මනුෂ්‍ය ඝාතනයකට වැරදිකරු වශයෙන් නම්කර තිබෙනවා.

මෙම පුද්ගලයා බීමතින් නිවසට පැමිණ ඇති අතර එහිදී ඔහුගේ බිරිඳ තම අඬන දරුවා ෂාඕට බලා ගැනීම සඳහා ලබා දී ඇති අතර ෂාඕ මෙම බිළිඳාගේ හැඬීම නොසලකා හරින විට බිරිඳ ඒ පිළිබඳව දෝෂාරෝපනය කර තිබෙනවා.

ඔවුන් දෙදෙනා අතර වචන හුවමාරුවක් සිදුවන විට ෂාඕ බිළිඳා තම දෑතින් අල්ලාගෙන ඔවුන්ගේ හයවන මහල් නිවාසයේ ජනේලය අසලට පැමිණ ඇති බව සඳහන්. එක්වරම ෂාඕ හඬමින් සිටි දියණිය ජනේලයෙන් පහළට විසිකර ඇති බවයි වාර්තා වෙන්නේ.

මරණයට හේතුව මොළයේ තුවාල සහ බහු අවයව හානි හේතුවෙන් ඇති වූ කම්පනය බවයි වෛද්‍යවරුන් පවසන්නේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *