BREAKING NEWS
Search

ආදායම් බද්ද ඉහලට – වැටුප අනුව වැඩිවෙන්නේ මෙහෙමයි

921

උපයන විට ගෙවන බද්දේ සීමාව මසකට රුපියල් 100,000 සිට රුපියල් 150,000 දක්වා වැඩි කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවයකට පැමිණි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (18) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ජනාධිපතිවරයා මෙසේද කීය.

6%ක බද්දකට යටත් වන පරිදි පුද්ගලික ආදායම් බද්දේ 1 වන කාණ්ඩය රු. 500,000 සිට රු ලක්ෂ 10 දක්වා සංශෝධනය කරගන්නට අපි සමත් වුණා.ඒ අනුව 150,000ක් මාසෙකට වැටුපක් ගන්න කෙනෙකුගේ බදු 100%ක් නිදහස්. රු 200,000ක් වැටුපක් ගන්න කෙනෙකුගේ බද්ද 71%කින් නිදහස්.

රු 250,000ක වැටුපක් ගන්න කෙනෙකුගේ බද්ද 61%කින් නිදහස්.

රු 300,000ක වැටුපක් ගන්න කෙනෙකුගේ බද්ද 47%කින් නිදහස්.

රු 350,000ක් වැටුපක්  වැටුපක් ගන්න කෙනෙකුගේ බද්ද 25.5%කින් නිදහස්

වැඩි ආදායම් ලබාගන්නා අයට අඩු සහනයකුත් අඩු ආදායමක් ගන්නා අයට වැඩි සහනයකුත් ලෙස අපි උපයනවිට ගෙවන බද්ද සංශෝධනය කරගන්න සමත් වුණා.යැයි ජනාධිපතිවරයා කීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *