BREAKING NEWS
Search

නිවසේ සිට මුදල් ඉපැයිමට කැමතිද? මෙන්න ඔබට විශේෂ පණිවිඩයක්

234

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ශ්‍රී ලංකා මහා බැංකුව, විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ මෙරට ප්‍රධාන පෙළේ සමාගම් කීපයක නිල ලාංඡන භාවිත කරමින් දිනකට රුපියල් 10,000 සිට 50,000 දක්වා නිවසේ සිට මුදල් ඉපැයිය හැකි රැකියා අවස්ථා තිබෙන බවට පවසමින් ජනතාව නොමග යවන සුළු ව්‍යාජ දැන්වීම් විශාල වශයෙන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චාරුක දමුණුපොළ මහතා ප්‍රධාන පුවත්පතකට පවසා තිබෙනවා.

ඔහු පවසන්නේ එම දැන්වීම්වල ඇති Link එක ක්ලික් කළ විට පරිශීලකයාව රැගෙන යන්නේ නිල ලාංඡනය සහිත වෙබ් අඩවියට නොව වෙනත් වෙබ් අඩවියකට බවයි.

එමෙන්ම මෙම දැන්වීම් පළ කරන්නේ ව්‍යාජ මුහුණු පොත් ගිණුම් ඔස්සේ බවත් එහි ඇති ලින්ක් ක්ලික් කර එම වෙබ් අඩවි තුළට සිය පුද්ගලික ලිපිගොනු උඩුගත කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

ඒ, අනුව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල ලාංඡනය සහ නම සහිතව සංසරණය වන දැන්වීම් පිළිබඳව අප පුවත්පත විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් විමසීමක් කළ අතර එහිදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රකාශ කර සිටියේ එම දැන්වීම් ව්‍යාජ ඒවා බවත් මේ පිළිබඳ ජනතාව දැනුවත් කරමින් එම කාර්යාංශයේ නිල මුහුණුපොත් ගිණුමේ සටහනක් තබා ඇති බවත්ය.

මෙය යම් කිසි කණ්ඩායමක් විසින් සිදු කරන්නක් බවත් එවැනි දැන්වීම් වලට ජනතාව නොරැවටිය යුතු බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *