BREAKING NEWS
Search

පෙරපාසැල් මිදුලේ සෙල්ලම් කරමින් සිටි සිගිත්තාට නොසිතූ කරදරයක්

491

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

හොරොව්පොතාන ,ඇලපත්වැව ප්‍රදේශයේ පිහිටි පෙර පාසලක මිදුලේ සෙල්ලම් කරමින් සිටි කුඩා දරුවෙකුගේ ඇඟට ගසක අත්තක් කඩා වැටී අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව ඊයේ(16) මියගොස් ඇතැයි පොලීසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ , ඇලපත්වැව, මොරකෑව හොරොව්පොතාන පදිංචිව සිටි ආර්.කේ. නෙසදු දුලාෂ් පෙරේරා නැමැති වයස අවුරුදු 5යි මාස 6ක පිරිමි දරුවෙකි.

මොරකැව ප්‍රදේශයේ පෙර පාසලක ඉගෙනුම ලබමින් සිටි මෙම දරුවා පසුගිය 12 දා පෙර පාසල් අවසන් වීමෙන් අනතුරුව සෙල්ලම් කරමින් සිටියදී, ගසක අත්තක් කඩා වැටී අනතුර සිදුව තිබූ බව පොලිසිය කියයි.

එදින පෙර පාසල නිම වීමෙන් අනතුරුව පෙර පාසල් ගුරුවරිය දෙමාපියන් පිරිසක් කැඳවා, පෙර පාසලේ වර්ෂ අවසාන විවිධ ප්‍රසංගය සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටියදී, එම දරුවා ගල් කැට රැගෙන ඒ ආසන්නයෙන් සෙල්ලම් කරමින් සිට ඇති බවද දරුවාගේ මවගේ ප්‍රකාශ වල සටහන්වේ.

වෙනත් පුවත්

චීන කාන්තා සම්මේලනයේ උප සභාපතිනිය අගමැතිනිය හමුවෙයි

චීන කාන්තා සම්මේලනයේ උප සභාපතිනි යැන්ග් ඩොන්මෙයි, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවී සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අදාළ සාකච්ඡාව පවත්වා ඇති අතර, එහිදී කාන්තාවන් සවිබල ගැන්වීම සහ සංවර්ධන සදහා වන අන්‍යොන්‍ය උත්සහයන් පිළිබද අවධානය යොමු වූ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.

එහිදී ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින මිත්‍රත්වය සම්බන්ධයෙන්ද පැසසුමට ලක්ව ඇති අතර, කාන්තාවන්ගේ සෞඛ්‍ය, අධ්‍යාපනය සහ ආර්ථික සහභාගීත්වය පිළිබදවද වැඩිදුරටත් සාකච්ඡා කර තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *