රුසියානු ආරක්ෂක ප්‍රධානියෙක් ඝාතනය කෙරේ

237

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

රුසියාවේ මොස්කව් නගරයට ආසන්නයේ නිවාස සංකීර්ණයක් අසල සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් තිබේ.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ, ඉන් මියගිය එක් අයෙක් රුසියාවේ විකිරණ රසායන හා ජීව රසායන ආරක්ෂක බළකායේ ප්‍රධානියා වන ලුතිනන් ජෙනරාල් ඉගො කිරිලොෆ් බවයි.

මොහු රසායනික අවි සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ අයෙක් බව ද මාධ්‍ය වාර්තා කරයි.

වෙනත් පුවත්

මීටියාගොඩ වෙඩිතැබීමට 4ක් අත්අඩංගුවට

මීටියාගොඩ, මහවත්ත ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මීටියාගොඩ පොලීසියට ලැබුණු තොරතුරකට අනුව ඊයේ (16) පස්වරුවේ සිදුකළ වැටලීමක දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේය.

පෙරේදා රාත්‍රී ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයින් කිහිපදෙනෙකු විසින් නිවසක සිටි පුද්ගලයෙකුට සහ ඔහුගේ දියණියට වෙඩි තබා තිබූ අතර එහිදී තුවාල ලැබූ ඔවුන් ප්‍රතිකාර සඳහා බලපිටිය රෝහලට ඇතුළත් කරනු ලැබීය.

පියාගේ උදරයට සහ දියණියගේ පාදයකට වෙඩි වැදී ඇති බව පොලීසිය සඳහන් කළේය.

අදාළ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *