BREAKING NEWS
Search

අර්චුනාට එන්න පුළුවන් ලෙඩෙක් විදියට විතරයි

231

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා යම් රෝගයකට ප්‍රතිකාර ලබා ගැනීමට මිස වෙනත් හේතුවකට යාපනය ශීක්ෂණ රෝහලට ඇතුලුවීමට උත්සහ කරන්නේ නම් වහාම ඔහු අල්ලා පොලිසියට බාර දෙන ලෙස රෝහල් අධ්‍යක්ෂවරයා විසින් රෝහල් ආරක්ෂක නිලධාරීන්ට ඊයේ (16) දැනුම් දී තිබෙනවා.

ඔහු ආරක්ෂක නිලධාරීන්ට පහර දීමට සූදානම් වුවත් පෙරලා ඔහුට පහර නොදෙන ලෙසත්, ආරක්ෂිත ගේට්ටු වසා දමා ඔහුව අල්ලා පොලිසියට දැනුම් දෙන ලෙසයි යාපනය ශීක්ෂණ රෝහලේ අධ්‍යක්ෂ පී. සත්‍යමූර්ති වෛද්‍යවරයා දැනුම් දී ඇත්තේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට රෝහල් අධ්‍යක්ෂවරයා ”සර්” යනුවෙන් ආමන්ත්‍රණය නොකිරීම නිස දැඩි ලෙස උරණව සිටින නිසා ඔහු යළිත් හදිසියේම යාපනය ශික්ෂණ රෝහලට කඩා වැදී කුමන හෝ විනාශයක් සිදු කළ හැකි බවද රෝහල් අධ්‍යක්ෂවරයා සියලුම දෙනාට අවධාරණය කර තිබෙනවා.

මෙසේ කිරීමට හේතුව වී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මීට පෙර යාපනය ශික්ෂණ රෝහලට කඩා වැදී නොසන්සුන් ලෙස හා ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු අවස්ථාවේදී රෝහල් අධ්‍යක්ෂවරයා ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීම ගැන ඔහු දැඩි ලෙස කිපී ඒ පිළිබඳ චෝදනාත්මක ස්වරූපයකින් යාපනයේ සංවර්ධන කමිටු රැස්වීමේදී ඉතා දීර්ඝ වශයෙන් කතා කිරීම නිසයි.

පොලිසිය විසින් යාපනය අධිකරණයේදී නඩු පැවරීමෙන් පසුව අධිකරණය හමුවේ පෙනී සිටි අර්චුනා මන්ත්‍රීවරයා රුපියල් ලක්ෂයක ශරීර ඇප මත නිදහස් කිරීමට යාපනය මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *