BREAKING NEWS
Search

විදෙස් ජාතික පවුලක්ම දියවැලකට හසුවෙයි

320

හික්කඩුව වෙරළ තීරයේ දියනාමින් සිටි රුසියානු ජාතික සිව් දෙනෙකු දියවැලකට හසුව ගසාගෙන යමින් සිටිය දී බේරාගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, හික්කඩුව පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් වහාම ක්‍රියාත්මක වී අනතුරට පත් සිව්දෙනාගේ දිවි බේරාගෙන ගොඩබිමට ගෙනැවිත් ඇති බව පොලීසිය පවසයි.

දිය අනතුරින් මුදාගත් පිරිමි පුද්ගලයා වයස අවුරුදු 40ක් හා කාන්තාව වයස අවුරුදු 39ක්ද, දැරිවියන් දෙදෙනා අවුරුදු 07 හා 13 යන වයස් වල පසුවන එකම පවුලේ සාමාජිකයන් වන අතර ඔවුන් රුසියානු ජාතික බව පොලීසිය පවසයි.

හික්කඩුව පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කරනු ලබන පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ පොලිස් පරික්ෂක හේවගේ, පොලිස් කොස්තාපල් 96793 ඒකනායක, පොලිස් කොස්තාපල් 102748 දිසානායක හා පොලිස් කොස්තාපල් 105456 ජයසිංහ යන නිලධාරීන් විසින් මෙම දිවි බේරා ගැනීම සිදුකර ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *