BREAKING NEWS
Search

මීටියාගොඩ සලිත කළ වෙඩි තැබීම ගැන ඇසෙන අලුත්ම ආරංචිය

482

මීටියාගොඩ, බලිමුල්ල  ප්‍රදේශයේ නිවෙසකට පැමිණි පිරිසක් එහි සිටි පියකුට සහ දියණියකට වෙඩි  තබා බරපතළ තුවාල සිදුකිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් 4 දෙනකු අද (16) සවස මීටියාගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව මීටියාගොඩ පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මීටියාගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් බව පොලිසිය පවසයි.

එහිදී සැකකරුවන් වෙඩි තැබීමට භාවිත කළ බවට සැකකරනු ලබන පිස්තෝල වර්ගයේ ගිනි අවියක්, ජීව අත්බෝම්බයක් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක්ද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් කළ වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ පියා සහ දියණිය බලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි.

මීටියාගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *