රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
වැලිකඩ ප්‍රදේශයේ රූපලාවණ්‍ය ආයතනයකින් සේවාව ලබාගත් කාන්තාවකගේ හිසට ගල්වන ලද ප්‍රතිකාර වලින් අනතුරුව ඇගේ හිස කෙස් ගැලවී හිසට තුවාල සිදුව ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වහා විමර්ශනයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක වැලිකඩ පොලිසියට අද (16) නියෝග කළා.
සිද්ධියට අදාල නඩුව අධිකරණය හමුවේ නැවත කැඳවූ අවස්ථාවේදී වැලිකඩ පොලිසිය දැක්වූ කරුණු සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කළේය.
එම ප්‍රදේශයේ කාන්තාවක් වැලිකඩ පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුවයි එම විමර්ශන ආරම්භ කර තිබෙන්නේ.
පැමිණිලිකාර කාන්තාව සිය පැමිණිල්ල ඉදිරිපත් කරමින් පොලීසිය වෙත පවසා ඇත්තේ ඇය වැලිකඩ ප්‍රදේශයේ පිහිටි රූපලාවන්‍ය ආයතනයකින් මීට පෙරද ප්‍රතිකාර ලබාගත් බවත් පසුගිය දිනක නැවත එහි ගොස් හිසට ප්‍රතිකාරයක් ලබා ගැනීමෙන් අනතුරුව හිසකෙස් ගැලවී තුවාල සිදුවූ බවයි.
මෙම සිද්ධියට අදාළව පැමිණිලිකාරියගේ වෛද්‍ය වාර්තාවක් ඉල්ලා ඇති නමුත් මෙතෙක් එය ලැබී නොමැති බවත් අදාළ වාර්තාව ලැබීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් පොලිසිය අධිකරණයට දන්වා තිබෙනවා.

















