BREAKING NEWS
Search

ප්‍රවීණ සංගීතඥයකු අභාවප්‍රාප්ත වෙයි

31734

ඉන්දියාවේ ශාස්ත්‍රීය සංගීතයේ කීර්තිමත්, විශිෂ්ඨ තබ්ලා වාදකයෙකු වන සකීර් හුසේන් අමෙරිකාවේ, සැන් ෆ්රැන්සිස්කෝ හි රෝහලකදී අභාවප්‍රාප්ත වී තිබේ.

ඔහුගේ පවුලේ ඥාතීන් විසින් ඒ බව අද (16) තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

රෝගී තත්ත්වයක් හේතුවෙන් පසුගිය සති දෙක තුළ ඔහු රෝහල්ගතව සිටි අතර මිය යන විට 73 වැනි වියේ පසු වූ බව සඳහන් වේ.

මෙම වසර 66 වන ග්‍රැමී සම්මාන උළෙලේ දී ලබා ගත් සම්මාන තුන ද ඇතුළුව හුසේන් සිය වෘත්තීය ජීවිතය තුළ ග්‍රැමී සම්මාන හතරක් ලබා ඇත.

එමෙන්ම, ඉන්දියාවේ විශිෂ්ඨතම පුද්ගලයින්ට පිරිනමන සම්මාන වන පද්ම ශ්‍රී සම්මානය 1988 දීත්, පද්ම භූෂණ සම්මානය 2002 දීත් සහ පද්ම විභූෂණ සම්මානය 2023 දීත් ඔහුට හිමිව තිබේ.

සංගීතඥ සකීර් හුසේන් දශක හයක් පුරා සිය වෘත්තීය ජීවිතය තුළ කීර්තිමත් ජාත්‍යන්තර සහ ඉන්දියානු කලාකරුවන් රැසක් සමග කටයුතු කර තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *