BREAKING NEWS
Search

පියා සමග අමතර පන්තියට ගිය ඇය නැවත ගෙදර එන්නේ නැති වෙයි කියලා කවුරුත් හිතන්න නැතුව ඇති

288

පියා සහ දියණිය ගමන් ගත් යතුරු පැදියක් අද(16) මහනුවර විලියම් ගොපල්ලව මාවතේදී  පුද්ගලික බස් රියක ගැටීමෙන්  යතුරු පැදියේ පිටුපස   අසුනේ ගමන් ගත්  17  හැවිරිදි   පාසැල් සිසුවියක් බරපතළ තුවාළ ලබා මරණයට පත්ව තිබෙන බව මහනුවර පොලීසියේ රථවාහන අංශය පවසයි.

අනතුරින්  මියගිය සිසුවිය   ගැටඹේ මහානාම විදුහලේ  උසස් පෙළ හදාරණ බවත් ,ඇය සිය පියා සමග අමතර පංතියකට එමින් සිටියදී මෙම අවාසනාවන්ත අනතුරට ලක්ව ඇති බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

අනතුරින් යතුරු පැදිය පැදවූ  පියාට කිසිදු  තුවාළයක් හෝ සිදුව නැති බව පොලීසිය කියයි.අනතුරට ලක්වූ යතුරු පැදිය සහ පුද්ගලික බස්රිය ගැටඹේ දෙසසිට  මහනුවර දෙසට ධාවනය වෙමින් තිබූ බව පොලීසිය පවසයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *