BREAKING NEWS
Search

අවුරුදු ගාණකට පසු මහින්දගේ ප්‍රධානම වැඩක් ශිරන්ති බාරගනී

851

හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව ඉවත් කිරීම මහින්ද රාජපක්ෂට අසාධාරණයක් කළ බවට නීතිඥ මනෝජ් ගමගේ චෝදනා කරනවා.

එහිදී ඔහු පවසන්නේ වසර 37ක් පැවති යුද්ධයෙන් රට බේරාගත් නායකගේ කෑම පරීක්ෂක ඇතුළු ආරක්ෂක නිලධාරීන් රැසක් ඉවත් කර ඇති බවත්, එය අසාධාරණ බවත්ය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නිලධාරීන් 116 දෙනෙකු පසුගියදා ඉවත් කරනු ලැබුවා.

කෙසේ වෙතත් පොලිසිය පවසන්නේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන්ට අමතරව හමුදා නිලධාරීන් ද යොදවා සිටින බැවින් ඒ ඔහුගේ ආරක්ෂාව කිසිදු අයුරකින් බිඳවැටී නොමැති බවයි.

එමෙන්ම මහින්ද රාජපක්ෂ ගේ ආරක්ෂාව වෙනුවෙන් වාර්ෂිකව රුපියල් මිලියන 326 කට අධික වැය බරක් දරන බවත් අනෙක් හිටපු ජනපතිවරුන්ටද සමග එකතුව රුපියල් මිලියින 1100 ක් වන බවත් පොලීසිය සඳහන් කරනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *