BREAKING NEWS
Search

ප්‍රදේශයම සලිත කරමින් වෙඩිපිටියක් වූ බලිමුල්ල පියාටත් දියණියටත් බරපතලයි

242
රාත්‍රියේදී සිදුවුණු බිහිසුණ සිදුවීමක් නිසා පළාතක්ම භීතියෙන් සලිත් වුණා… මේ කියන්න හදන්නේ ඒ සිදුවීම ගැනයි…
මීටියාගොඩ – බලිමුල්ල ප්‍රදේශයේ නිවසක් තුළ සිටි පුද්ගලයෙකුට සහ කාන්තාවකට ඊයේ (15) රාත්‍රී කාලයේදී කිසියම් පිරිසක් විසින් වෙඩි තබා ඇති බව මිටියාගොඩ පොලිසිය සඳහන් කරනවා.

ඒ හේතුවෙන් ඔවුන් බරපතල තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙසේ තුවාල ලබා ඇත්තේ, වයස අවුරුදු 49ක් සහ වයස අවුරුදු 29ක් වන බලිමුල්ල, මිටියාගොඩ ප්‍රදේශයේ පදිංචි පියා සහ දියණියයි.

තුවාලකරු හා තුවාලකාරිය නිවසේ සිටියදී, පුද්ගලයින් පිරිසක් පැමිණ පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා තියුණු ආයුධවලින් පහරදී පලාගොස් ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

තුවාලකරු හා තුවාලකාරිය බලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මිටියාගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *