BREAKING NEWS
Search

විශ්වවිද්‍යාල සිසුන් 200 කට ශිෂ්‍යත්ව

98

ඉන්දීය රජය පිරිනමන ශිෂ්‍යත්ව වැඩසහනක් යටතේ යාපනය සහ නැගෙනහිර යන විශ්ව විද්‍යාලවල අධ්‍යාපන ලබන ආර්ථික අපහසුතා සහිත පවුල්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් 200 කට ශිෂ්‍යත්ව පිරිනැමීය.

මෙහිදී එම විශ්වවිද්‍යාල දෙකෙන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 100 බැගින් ශිෂ්‍යත්ව වැඩසටහනට තෝරාගෙන තිබේ.

ඉන්දියාව වාර්ෂිකව ශ්‍රී ලාංකීය සිසුන්ට ශිෂ්‍යත්ව අවස්ථා 710 ක් පමණ පිරිනමන අතර ඒ අතරින් 200 කට අධික සංඛ්‍යාවක් සම්පූර්ණ පාඨමාලා ගාස්තුව, මාසික ජීවන වියදම් දීමනාවක්, පොත් සහ ලිපිද්‍රව්‍ය සඳහා දීමනාවක්, නවාතැන් සහ සංචාරක වියදම් ආවරණය කරන පූර්ණ ශිෂ්‍යත්ව වේ.

මෙම ශිෂ්‍යත්ව ඉංජිනේරු විද්‍යාව, මානව ශාස්ත්‍ර, විද්‍යා, කෘෂිකර්මය, සාම්ප්‍රදායික වෛද්‍ය අධ්‍යයන වැනි විවිධ ක්ෂේත්‍රයන්හි උපාධි, පශ්චාත් උපාධි සහ ආචාර්ය උපාධි සඳහා පිරිනැමේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *