රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
වැලිපැන්න ගබඩා හන්දිය ප්‍රදේශයේ පිහිටි අවන්හලකට පැමිණි පුද්ගලයින් පිරිසක් සහ අවන්හලේ සේවකයින් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් ගැටුමක් හටගෙන තිබෙනවා.
අදාළ පුද්ගලයන් ඇණවුම් කළ කුකුළු මස් ව්‍යංජනය වෙනුවට අවන්හල් සේවකයින් විසින් පිසින ලද හරක් මස් ලබාදීම ඊට හේතුවයි.
මෙහිදී අවන්හල් සේවකයින් අදාළ පුද්ගලයින්ට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා.
ගැටුම පාලනය කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකායද පැමිණ ඇති අතර පහර කෑමෙන් තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනෙකු කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන මතුගම මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
වෙනත් පුවත්
හමුදා බුද්ධි අංශ හැඳුනුම්පතක් ව්‍යාජව භාවිතා කළ සැකකරුවෙකු බන්ධනාගාරගත කරයි
හමුදා බුද්ධි අංශ නිලධාරීන් භාවිතා කරන හැඳුනුම්පතට සමාන ව්‍යාජ හැඳුනුම්පතක් සන්තකයේ තබාගෙන භාවිතා කළ බව කියන සැකකාර පුද්ගලයකු මෙම මස 20 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ අද (16) නියෝග කළා.
පෑලියගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ විරාජ් මධුසංක නැමැත්තෙකු එසේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියම කෙරුණේ.
පෑලියගොඩ පොලිස් බල ප්‍රදේශය තුළ මාර්ග බාධකයකදී සැකකාර පුද්ගලයා පරීක්ෂාවට ලක් කිරීමේදී ඔහු සතුව තිබී එම සැක සහිත හැඳුනුම්පත අත්අඩංගුවට ගත් බවයි පොලිසිය අධිකරණයට දැන්වුවේ.
සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී මේ වන විටත් හමුදාවේ සක්‍රීය සේවයේ යෙදී සිටින පුද්ගලයෙකු විසින් ඔහුට එම හැඳුනුම්පත සකස් කරදී ඇති බවට කරුණු අනාවරණය වූ බවද පොලිසිය අධිකරණයට පැවසුවා.
සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් පොලීසිය අධිකරණය හමුවේ කියා සිටියේ මෙම හැදුනුම්පත භාවිතා කරමින් සැකකාර පුද්ගලයා කිසියම් නීති විරෝධී ක්‍රියාවන් සිදුකර තිබේද නැද්ද යන්න පිළිබඳව තවදුරටත් විමර්ශනය සිදු කරන බවයි.
අදාල හැඳුනුම්පත හමුදා අංශ වෙත යොමු කර එහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳව තහවුරු කිරීමට පියවර ගන්නා බවද සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් පොලිසිය අධිකරණය හමුවේ වැඩිදුරටත් පැවසුවා.

















