BREAKING NEWS
Search

කථානායක වෙන්න අධ්‍යාපන සහතික ඕනෙ නෑ-රංවල කරපු වැඩේ ප්‍රශංසනීයයි

342

පාර්ලිමේන්තුවේ කථානායකවරයා වීමට ආචාර්ය උපාධියක් හෝ අධ්‍යාපන සහතිකයක් අවශ්‍ය නොවන බව හිටපු කථානායක චමල් රාජපක්ෂ පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ, ආචාර්ය උපාධියක් හෝ අධ්‍යාපන සහතිකයක් නොමැතිව පාර්ලිමේන්තුවට තේරී පත්වන ඕනෑම අයකුට කථානායකවරයකු විය හැකි බවයි.

හිටපු කථානායක අශෝක රන්වල ආචාර්ය උපාධියක් ඇති බවට තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ නම් පමණක් එය ප්‍රශ්නයක් වනු ඇති බවයි ඔහු ජනමාධ්‍ය වෙත කියා සිටියේය.

අශෝක රංවලගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් මතභේදයක් ඇතිවීමෙන් පසු කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීම ප්‍රශංසනීය බවද චමල් රාජපක්ෂ පැවසීය.

එය විශාල ප්‍රශ්නයක් නොවන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *