BREAKING NEWS
Search

බදු නොගෙවූ අයගෙන් බදු අයකරන්නා අලුත්ම ක්‍රමය මෙන්න

201

2023 / 2024 තක්සේරු වර්ෂයේ හිඟ බදු ලබන 26 වැනි දාට පෙර ගෙවන ලෙස දැනුම් දෙන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

එම දිනට පෙර බදු ගෙවීමට අපොහොසත් වන පුද්ගලයින්ට හා සමාගම්වලට කිසිදු දඩ සහනයක් හිමිනොවේ.
මෙතෙක් නොගෙවූ ස්ව-තක්සේරු බදු හා හිඟ බදු අය කර ගැනීම සඳහා ක්ෂේත්‍ර සමීක්ෂණ සහ දේශීය ආදායම් අණ පනත් අනුව නීතිමය කටයුතු සිදු කිරීම ආරම්භ කර තිබේ.
ඔවුන්ට එරෙහිව 2025 වසරේ ජනවාරී මාසයේදී නීතිමය ක්‍රියාමාර්ග ගනී.
එලෙස බදු නොගෙවන පුද්ගලයින්ගේ බැංකු ගිණුම්වලින් පෙර දැනුම්දීමකින් තොරව මුදල් අය කර ගැනීමට නියමිතයි.

ඊට අමතරව හිඟ බදු මුදල් ප්‍රමාණය අනුව අපරාධ නඩු පැවරීමට පියවර ගනී.

– නාගොඩ සුමන උදයන්ත




Leave a Reply

Your email address will not be published. Required fields are marked *