රජරට රැජින හා සාගරිකා දුම්රියේ එංජිම එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුර සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ දී අද පෙරවරුවේ මෙම අනතුර සිදුව තිබුණා.
බෙලිඅත්තේ සිට අනුරාධපුරය දක්වා ධාවන වූ රජරට රැජින දුම්රියේ එංජිම මාරු කිරීමේදී වැරදි පීල්ලේ ධාවනය වීම හේතුවෙන් එහි නවතා තිබූ සාගරිකා දුම්රියේ ගැටී අනතුර සිදුව ඇති බව සදහන්.
අනතුරින් සාගරිකා දුම්රියට දැඩි හානි සිදුව ඇති අතර දුම්රිය දෙපාර්තමේන්තුව පවසා සිටියේ, එම දුම්රිය හෙට උදෑසන ධාවනයට එක් කිරීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බවයි.



















