සුපිරි නළු අක්ෂේ කුමාර්ට අනතුරක්

525

සුපිරි ඉන්දීය නළු අක්ෂේ කුමාර් අනතුරකට ලක්ව තිබෙනවා.

ඒ, Housefull 5 රූගත කිරීම් අතරතුරයි.

ඉන්දීය ආරංචි මාර්ගවලට අනුව, රූගත කිරීම් අතරතුර යම් වස්තුවක් ඔහුගේ ඇසක වැදීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

ඒ අනුව මේ වන විට ඔහු විවේකීව පසුවන බවත්, ඇස වෙළුම් පටි දමා ආවරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

අක්ෂේ මෙම අනපේක්ෂිත සිදුවීමට මුහුණදී ඇත්තේ, චිත්‍රපටයේ රූගත කිරීම් අවසන් කිරීමට ආසන්නව තිබියදී යි.

එහි තවත් දර්ශන කිහිපයක් ඉතිරිව ඇති බව සඳහන්.

Housefull 5 හි රූගත කිරීම් යුරෝපයේදී ඇරඹියේ මේ වසර ආරම්භයේදී යි.

වෙනත් පුවත්

ඉදිරි පැය 36 දී, නැගෙනහිර ඇතුලු ප්‍රදේශ රැසකට වැසි

ඉදිරි පැය 36 තුළ නැගෙනහිර පළාතේ මෙන්ම සෙසු ප්‍රදේශවලට තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඒ අනුව, මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට තරමක තද වැසි ඇති විය හැකියි.

මේ අතර, බදුල්ල, මහනුවර, කුරුණෑගල සහ මාතලේ දිස්ත්‍රික්කවල නායයෑමේ අවදානම් ප්‍රදේශ සදහා හෙට පස්වරු 04 දක්වා නායයෑමේ අවදානම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

 

 

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *