BREAKING NEWS
Search

රට රැකියා වලට ගිය ශ්‍රී ලාංකිකයන් පිරිසක් වහාම පිටුවහල් කරයි

776

ඊශ්‍රායලයේ රැකියා සඳහා ගොස් රැකියා ගිවිසුම් උල්ලංඝණය වන පරිදි කටයුතු කළ ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු යළි මෙරටට පිටුවහල් කිරීමට තීරණය කර තිබේ.

කෘෂිකර්මික අංශයේ රැකියා වීසා මත ඊශ්‍රායලට පැමිණ ඇති ඔවුන් එම සේවා ස්ථානවලින් පැනගොස් බේකරිවල සේවය කරමින් සිටියදී එරට බලධාරීන්ගේ අත්අඩංගුවට පත්වී ඇති බවයි, ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසන්නේ.

තානාපතිවරයා පෙන්වාදුන්නේ, ඊශ්‍රායලය විදේශීය ශ්‍රමිකයින් සම්බන්ධයෙන් නිරන්තර විමසිල්ලෙන් පසුවන රටක් වන බවයි.

විදෙස් ශ්‍රමිකයින් ඊශ්‍රායලයේ රැකියා සඳහා පැමිණීමෙන් පසු තමා පැමිණි විසා කාණ්ඩයෙන් වෙනත් විසා කාණ්ඩයකට මාරුවීමේ නීතිමය තත්ත්වයක් නොමැති බව ඊශ්‍රායල බලධාරීන් අවධාරණය කර ඇත.

මේ අතර ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපතිවරයා සඳහන් කළේ, සාත්තු සේවය සඳහා මීට වසරකට පෙර ඊශ්‍රායලයට පැමිණි ශ්‍රීලාංකික කාන්තාවක් ද සේවා කොන්දේසි කඩකිරීම හේතුවෙන් යළි ශ්‍රී ලංකාවට පිටුවහල් කළ බවයි.

මීට පෙර ද සොරකමක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ශ්‍රී ලාංකිකයෙකු පිටුවහල් කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබුණි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *