BREAKING NEWS
Search

සුපිරි ක්‍රිකට් තරුවක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

246
පාකිස්තාන තුන්ඉරියව් ක්‍රීඩක ඉමාඩ් වසීම් යළි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.
35 හැවිරිදි ඉමාඩ් වසීම් පසුගිය වසරේදී ද ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් අතර පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී ඔහු දැක්වූ දක්ෂතා හේතුවෙන් අවස්ථා තුනකදී තරගයේ වීරයා සම්මානය දිනාගැනීමට සමත් වුණා.

ඒ අනුව ඔහු නැවතත් විස්සයි විස්ස තරග බිමිට පිවිසි අතර මෙවර විස්සයි විස්ස තරගාවලියේදී පාකිස්තානය දැක්වූ දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් පළමු වටයෙන්ම තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.

ඒ අනුව ඊයේ දිනයේදී ඉමාඩ් වසීම් සඳහන් කළේ දෙවන වරටත් තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බවයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *