BREAKING NEWS
Search

මැතිසබයේ වෙබ් අඩවියෙන් තවත් ආචාර්ය පට්ටමක් හලයි

327

පාර්ලිමේන්තුවේ වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන්ද ආචාර්ය උපාධියක් සඳහන්ව තිබී ඉවත් කරනු ලැබ ඇත.

සභානායක කාර්යාලය ඒවා තිබූ ලිපියක තොරතුරු අනුව පාර්ලිමේන්තු වෙබ් අඩවියේ නානායක්කාර මහතාගේ නම ඉදිරියේ එලෙස ආචාර්ය උපාධිය සඳහන් කර තිබිණැයි කියති.

කෙසේ වෙතත් හර්ෂන නානායක්කාර මහතා පෞද්ගලිකව ආචාර උපාධියක් ගැන සඳහන් කර ලිපියක් භාරදී නොතිබූ බව ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර පාර්ලිමේන්තු වෙබ් අඩවියේ මන්ත්‍රීවරුන්ගේ විස්තර නිවැරදිව සටහන්ව තිබේදැයි පූර්ණ සොයාබැලීමක් කරන ලෙස පාර්ලිමේන්තු ප්‍රධානීන් එම වෙබ් අඩවිය බාර නිලධාරීන්ට දැනුම් දී ඇත.

මේ අනුව වෙබ් අඩවියේ වැරදි ලෙස සටහන්ව තිබූ තොරතුරු කිහිපයක් සංශෝධනය කර ඇතැයි දැනගන්නට ඇත.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *