BREAKING NEWS
Search

තාත්තා රට නිසා වෙන්න ඇති අම්මා මේ වීඩියෝ බලන්න පුරුදු වුණේ – අම්මෙක් නිසා ජිවිතයම වරද්ද ගත්තු දුවෙක්ගේ කදුළු කතාව

12307

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

හැටියට ඔබේ භූමිකාව අමතක කර හැසිරෙනවා නම් දරුවන් යහපත් ලෙස ජීවිතය ගෙවයි කියලා ඔබට ඇත්තටම අපේක්ෂා කරන්න අමාරුයි නේද?

මේ කතාවත් ඒ වගේ කතාවක්.

මවක් නිසා තමන්ගේ ජීවිතය ද අඳුරට ඇද දමා ගත් දියණියක් ගැන.

කල්හාරි අවුරුදු දහසයක පාසල් ශිෂ්‍යාවක්. ඉතා හොඳින් මිල මුදල් ඇති පවුලක එකම දියණිය වූ කල්හාරිට ඉගෙනීමටත් ලොකු උනන්දුවක් වගේම දක්ෂකමක් තිබුණා.

ඇගේ පියා යුරෝපා රටක රැකියාවක් කරන්නෙක්.ඉතින් මව සහ දියණිය ගෙවා දැමුවේ සැපසම්පත් වලින් අනූන ජීවිතයක්.

“මම නංගිට පොඩි දෙයක් කියන්න ආවේ..” අසල්වැසි ගැහැනියක වූ කුමාරි දවසක් කල්හාරිගේ අම්මා මුණ ගැහෙන්න ඇවිත් එහෙම කිව්වෙ ලොකු රහසක් කියන්න බලාගෙන.

කල්හාරි හන්දියේ ත්‍රීරෝද රථ රියදුරෙක් සමඟ හාදකමක් ඇති බව කුමාරි අතින් හෙළි වුණා.

ඉන්පසු අම්මා වූ,දයානි මේ ගැන ඉතා ප්‍රවේසමෙන් සොයා බැලුවා. කතාව ඇත්තක්.එහි භයානකම කොටස වූයේ කල්හාරි ඇගේ පෙම්වතා වූ චානක සමඟ බොහෝ ගමන් බිමන් යාම.

දයානි සොයා ගත් කාරණා අනුව ඇය චානක අතින් කිහිප වරක් දූෂණයට ලක් වී තිබෙනවා. සැමියා සමඟ කතාබස් කර පදිංචිය වෙනස් කරන්නට තීරණය කළ දයානි කල්හාරි සමඟ ගමෙන් පිටව එනවා.

ඒ පැමිණ කල්හාරි මානසික උපදේශනයක් ලබා ගන්නට යොමු කරනවා.බාල වියේදීම ලිංගික සම්බන්ධතා පැවත්වීමට ඇය යොමු වීම ගැන සොයා බැලූ උපදේශකවරියට කල්හාරි පවසන්නේ මෙවැන්නක්.

“අපේ අම්මා නිල් චිත්‍රපට බලන්න ඇබ්බැහි වෙලා ඉන්නවා.සමහර වෙලාවට මට ලැප්ටොප් එකේ වෙබ් හිස්ට්‍රි එකෙන් ඒවා අහු වෙනවා. මාත් බලනවා.තාත්තා රට නිසා මීට කාලෙකට කලින් අම්මට වෙන සම්බන්ධතාවයක් තිබුණා.අම්මා එයා එක්ක ලිංගිකව හැසිරෙන හැටිත් මට මතකයි.ඒ දේවල්වලට මටත් ආසාවක් ආවේ එහෙම..”

“කොහොමත් තාත්තා රට නිසා වෙන්න ඇති අම්මා මේ වීඩියෝ බලන්න පුරුදු වුණේ.. ”

ඔබට ආශාවන් ප්‍රහීන කළ නොහැකි බව ඇත්තක්. නමුත් දරුවන්ගෙන් ඔබේ ලිංගික ජීවිතය සඟවා ගත යුතු වන්නේ මෙන්න මේ නිසාමයි.දරුවන්ට ඒවා දකින්නට ලැබීම, වීඩියෝ දකින්නට ලැබීම ආශාව සහ කුතුහලය ඇති කරන්නට සමත් වෙනවා.

ඒ නිසා ඔබ ඔබේ පෞද්ගලික අවකාශය ඉතා ප්‍රවේසම් සහගතව භාවිතා කළ යුතුමයි. ඒ වගේම දියණියක ඉන්න අම්මා කෙනෙකු හැටියට නිවසට වෙනත් පෙම්වතෙකු ගෙන්වා ගැනීමත් දියණිය අපහරණයට ලක් වෙන්නට හේතුවක්.

ඔබේ විවාහය ගැන ඔබ තෘප්තිමත් නැතිනම් කළ යුත්තේ ඉන් නීත්‍යානුකූලව වෙන්වී වෙනත් සහකාරයෙකු තෝරා ගැනීමයි.

දරුවන් ඉගෙන ගන්නේ දෙමාපියන්ගේ හැසිරීම් වලින්.ඔබ ඔබේ ක්‍රියාවන් ගැන දසවතාවක් සිතිය යුත්තේ ඒ නිසාමයි.
උපුටා ගැනීමකි




Leave a Reply

Your email address will not be published. Required fields are marked *