රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
ඒ එදිනට යෙදෙන උඳුවප් පොහොය දිනයට සමගාමීවයි.
මෙවර ශ්‍රි පාද උඩ මළුව මල්වලින් සැරසිම සඳහා විවිධ මල් ලක්ෂ තිහක් යොදා ගැනීමට නියමිතව තිබෙනවා.
මේ අතර පිච්ච මල් යාර 7,000ක් මෙවර ශ්‍රි පාද උඩ මළුව සැරසිම සඳහා යොදා ගන්නා බවයි පැවසෙන්නේ.
අවාරයේදී පැලමඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රි පාද රජමහා විහාරස්ථානයේ තැන්පත් කර ඇති සදාතුක කරඩුව, සමන්දේව ප්‍රතිමාව, දේව ආභරණ සහ පුජා භාණ්ඩ අද පිටතට වඩමම්මවනවා.
ඉන් පසුව හෙට අලුයම රත්නපුර, අවිස්සාවේල්ල, හැටන් මාර්ගය ඔස්සේ නල්ලතන්නිය දක්වා එක් පෙරහැරක්ද රත්නපුර, පලාබද්දල මාර්ගයේ තවත් පෙරහැරක්ද අනෙක් පෙරහැර කුරුවිට, එරත්න මාර්ගය ඔස්සේ සහ අවසන් පෙරහැර බලංගොඩ, බගවන්තලාව මාර්ගය ඔස්සේ ගමන් කිරීමට නියමිතව තිබෙනවා.
එසේ වැඩම කරවන සදාතුක කරඩුව, සමන්දේව ප්‍රතිමාව, දේව ආභරණ සහ පුජා භාණ්ඩ 14 වැනිදා ශ්‍රි පාද උඩ මළුවේ තැන්පත් කිරීමට නියමිතයි.
එහිදී ශ්‍රි පාද පත්මය සුවඳ පැනින් දෝවනය කිරිමෙන් අනතුරුව පැවැත්වෙන ආගමික චාරිත්‍රවලින් පසුව 2024-2025 ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කෙරෙනවා.
ශ්‍රි පාද වන්දනා වාරයේදි නල්ලතන්නිය සිට ශ්‍රි පාද උඩ මළුව දක්වා ප්ලාස්ටික් වතුර බෝතල් අලෙවි කිරිම, රැගෙන යාම සහ දුම්කොළ මිශ්‍ර සුරුට්ටු අලෙවිය සපුරා තහනම් කිරිමටයි ශ්‍රි පාද කම්ටු රැස්විමේදි තිරණය කොට තිබෙන්නේ

















