BREAKING NEWS
Search

ගෝල් මාවල්ස් හිමිකරු අත්අඩංගුවට

551

මහනුවර, පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ‘ලංකා ටී10 සුපර් ලීග්‘ ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින ගෝල් මාවල්ස් පිලේ හිමිකරු වන ඉන්දීය ජාතිකයෙක් අත්අඩංගුවට ගත් බව ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකය පැවසීය.

මෙම තරගාවලියට සහභාගි වී සිටින බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෙක්ට තරග මුදලට පාවාදීමට යෝජනා කළේ යැයි කියන සිද්ධියකට අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බවත් තරග පාවාදීමට යෝජනා කළේ යැයි කියන සිද්ධිය පිළිබඳව අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී) ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකයට පැමිණිලි කර තිබූ බවත් එම පොලිස් ඒකගේ පැවසීය.

අත්අඩංගුවට පත්ව සිට ඉන්දීයීය ජාතිකයා අද රාත්‍රී කොළඹට රැගෙන එන බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *