BREAKING NEWS
Search

පහක් රෝහලට යැවූ බිහිසුණු අනතුර – දෙදෙනෙකුට බරපතලයි

671

කොළඹ මහනුවර මහා මාර්ගයේ නිට්ටඹුව කලල්පිටිය ප්‍රදේශයේ දී අද පස්වරුවේ පුද්ගලික බස් රථයක් හා වෑන් රියක් මුහුණට මුහුණලා ගැටීමෙන් තුවාල ලැබූ පස් දෙනකු වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් දෙදෙනකුගේ තත්ත්වය බරපතල බව නිට්ටඹුව රථවාහන පොලිසිය කියයි.

කොළඹ සිට කඳුරුුවෙල බලා ගමන් ගනිමින් තිබූ පුද්ගලික බස් රථය හා මංගල උත්සවයකට සහභාගි වී ආපසු කොළඹ දෙසට ගමන් කරමින් තිබූ වෑන් රථයක් මෙසේ අනතුරට පත් වී ඇත .

අනතුරු සැලවූ වහාම තුවාලකරුවන් රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති අතර බරපතල තත්ත්වයේ සිටින තුවාලකරුවන් දෙදෙනා අවශ්‍ය වුවහොත් කොළඹ ජාතික රෝහලට මාරු කිරීමට නියමිත බව රෝහල් ප්‍රකාශයෙක් කීය.

අනතුර හේතුවෙන් වෑන් රථයේ ඉදිරිපස පොඩි පට්ටම් වී ඇති අතර මාර්ගය හරහා එය නතර වී තිබෙනු දක්නට ලැබිණි




Leave a Reply

Your email address will not be published. Required fields are marked *