BREAKING NEWS
Search

බිහිසුණු අනතුරකින් ප්‍රදේශයක් කැළඹෙයි. පොලිස් කොස්තාපල්වරයෙකු මරුට

937
ජීවිතයක් අහිමි කළ මේ මාරක අනතුර ගැන ඇසෙන මේ කතාව වාර්තා වෙන්නේ බුලාගල ප්‍රදේශයෙන්..
දඹුල්ල අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ බුලාගල ප්‍රදේශයේදී මෝටර් රථයක් ත්‍රිරෝද රථයක ගැටී ඇති අතර එම මෝටර් රථයට පිටුපසින් පැමිණි කැබ් රථයක් මං තීරුවෙන් පිටතට ධාවනය වී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි බස් රථයක ගැටී තිබෙනවා…

එම කැබ් රථයේ ඉදිරිපස අසුනේ ගමන් කරමින් සිටි කැකිරාව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු මියගොස් තිබෙනවා…

ඔහු මාතලේ ප්‍රදේශයේ අධිකරණ කටයුත්තක් සඳහා ගොස් නැවත කැකිරාව දෙසට ගමන් කරමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *